You are currently browsing the tag archive for the ‘Foreign Service’ tag.

Lakbima Newsවිදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවය පිළිබදව පසුගිය සති දෙක තුළ විශාල ආන්දෝලනයක් ඇතිවිය. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන හා බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් අතර ඇතිවු ගැටුම නිසාය. ලංකාවේ විදේශ සේවයේ වෘත්තීයභාවය ගැන වැඩි අවධානයක් යොමු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව් විජේසිංහ මේ ක්‍රියාදාමය පසුගියදා විවේචනය කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශය ගැන ඔහු දක්වන අදහස් පිළිබදව මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ලංකාවට ජාත්‍යන්තර බලපෑම් තීරණය වන ආකාරය ගැන මහාචාර්ය රජීව් විජේසිංහ සමග ලක්බිම කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ලංකාවේ තානාපති සේවය වෘත්තීයභාවයකින් යුත් තානාපති සේවයක් ලෙස හැඳින්විය හැකිද?
තානාපති සේවයේ දුර්වලතා රැසක් තිබෙනවා. ලංකාවේ විදේශ සේවය ආරම්භ වන විට ඔවුන්ට නිසි පුහුණුවක් ලැබුණේ නැහැ. එහෙත් විදේශ සේවයට හොඳ පිරිසක් එක්වීම නිසා එය සාර්ථකව ඉදිරියට ගියා. ලංකාවේ විදේශ සේවය ආරම්භයේ සිටම හොඳ තානාපතිවරුන් ලෙස කටයුතු කළේ විදේශ සේවය තුළ සිටි තානාපතිවරු නොවෙයි. විදේශ සේවයට පිටින් පත් කළ අය තමයි හොඳම තානාපතිවරු ලෙස කටයුතු කර ඇත්තේ.

ශර්ලි අමරසිංහ, නෙවිල් කනකරත්න, ක්ලෝඩ් කොරයා වගේ නම් රැසක් මට ඉදිරිපත් කරන්න පුළුවන්. 1948 සිට 1980 වෙ තානාපති සේවයෙන් පැමිණි හොඳ තානාපතිවරු සිටියේ එක් අයෙක් දෙන්නෙක් පමණයි. එයට හේතුව වන්නේ විදේශ සේවයට එක්වන අයට නිසි පුහුණුවක් නොලැබිමයි. අපි නිසි පුහුණුවක් නොදීම නිසාත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තියක්  ස්ථිරව පවත්වාගෙන නොයෑම නිසා විදේශ සේවය තහවුරු වූයේ නැත. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන විට විදේශ කටයුතු අමාත්‍යාංශ ‍ලේකම් ධුරයට පැමිණි තිස්ස විජයරත්න ගමේ ළමුන් විදේශ සේවයට බඳවාගත්තා. ඉංග්‍රීසි භාෂාවට වැඩි අවධානයක් යොමු කළේ නැහැ. මේ නිසා විදේශ සේවය පසුබැස්සා.
මෙහි වාසිය ලබාගත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තානාපති කාර්යාලවල දෙවැනි, තෙවැනි තනතුරු සඳහා දේශපාලන පත්කිරීම් කළා. මේ නිසා තමයි විදේශ සේවය දේශපාලනීකරණය වුණේ. වත්මන් ආණ්ඩුව යටතේත් මේ දේශපාලන පත්වීම් සිදුවෙනවා. මේ දේශපාලන පත්වීම් නිසා විදේශ සේවයේ වෘත්තීය භාවය බිඳවැටුණා. ඒ වගේම දැන් විදේශ අමාත්‍යාංශයේ සිටින සමහර අය ආණ්ඩුවේ ඉහළ අයගේ ඔළුවට දමා ඇත්තේ තමුන්ට පමණක් ඉංග්‍රීසි හැකි බවයි.

Lakbima Sinhalaවිදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ වෘත්තීයභාවය වර්ධනය කිරීමට ඔබ මැදිහත් වුණා. එය ඉදිරියට ගෙන නොගියේ ඇයි?
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට නිවේදන සකස් කිරීම ගැන පුහුණුවක් ලබාදීමට මම සූදානම් වුණා. ඒත් එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව විදේශ කටයුතු ඇමැතිවරයා මට ලබාදුන්නේ නැහැ. මේ ගැන මම ජනාධිපතිවරයාගෙන් විමසුවා. එවිට ඔහු කීවේ මහාචාර්යවරයෙක් තවත් මහාචාර්යවරයෙක් දැක්කාම බය වෙනවානේ කියලයි. ඒ කියන්නේ ජනාධිපතිවරයත් විදේශ කටයුතු ඇමැතිවරයාගේ හැසිරීම දන්නවා.

ඔබ මේ කටයුතුවලට මැදිහත්වූයේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිකම බලා‍පොරොත්තුවෙන් නොවේද?
ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් කිරීමට අයෙක් නැති බව මා සමග පැවැසුවා. ඒ වෙලාවේ මම කීවේ මට නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කියලයි. ඒ වෙලාවේ ජනාධිපතිවරයා හිතුවේ මමත් සාමාන්‍ය අය වගේම තනතුරු ගන්න හදනවා කියලයි. එය එසේ නොවන බව මම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. මම ඒ තනතුරු ගැන කතා කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයට කවුරුත් නොමැති බව පැවැසූ නිසයි. එසේ නොමැතිව තනතුරු බලාගෙන නොවෙයි.

විදේශ සේවයේ සිටින දක්ෂ නිලධාරීන්ට තමන්ගේ දක්ෂතා පෙන්විය හැකි තානාපති ධුරයන් ලැබි තිබෙනවාද?
බ්‍රසල්ස්වල පී.එම්. අම්සා, ප්‍රසාද් කාරියවසම්, චිත්‍රානි වාගීෂ්වරී වගේ දක්ෂ තානාපතිවරුන් විදේශ සේවයට පත්වී සිටිනවා. විදේශ සේවයේ සිටින තවත් දක්ෂ නිලධාරීන් තානාපති තනතුරු ලැබෙන තුරු බලා සිටිනවා. ඒ අතරවාරයේ පිටින් තානාපතිවරුන් පමණක් නොව අනෙක් තනතුරු සඳහාද පත් කරනවා. මේ නිසා විදේශ සේවයේ වෘත්තීයභාවය දියුණුවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. තානාපති කාර්යාලවල දෙවැනි තුන්වැනි තැන්වලට විදේශ සේවයට බාහිරින් පත් කිරීම් කළ යුතු නැහැ. දයාන් ජයතිලක, තමාරා කුගනායගම්, ක්‍රිස් නෝනිස්,  අසිත පෙරේරා, සරත් කෝන්ගහගේ වැනි විදේශ සේවයට බාහිරින් පත් කළ තානාපතිවරු විශිෂ්ට සේවයක් කළා. ඔවුන් තරම් විශිෂ්ට නැතත් නාවලගේ බෙනට් කුරේ වැනි තානාපතිවරු පවා නරක නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ මොවුන්ට සහය දීමට විදේශ සේවයේ දක්ෂ කාර්යමණ්ඩලයක් නොමැති වීමයි. විදේශ සේවයේ සිටින නිලධාරීන්ගේ පරිපාලනය හරිම දුර්වලයි. ප්‍රසාද් කාරියවසම් වරක් මට පැවසුවේ තමන් ජනාධිපතිවරයාට යවන ලියුම් ඔහුට නොලැබෙන බවයි. ඔහු විදේශ සේවයේ තානාපතිවරයෙක් නිසා තමන් යවන ලිපි යැවිය යුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහායි. Read the rest of this entry »

Advertisements

My worries about where America is leading us were increased by a recent visit to Tunisia, which I found fascinating. I also found it extremely sad, because tourism has suffered tremendously, since the Arab Spring, which it will be remembered began in Tunisia just 2 ½ years back.

What happened in Tunisia seemed to me welcome, because the regime there had undoubtedly been a dictatorship. Ben Ali, the President who was finally got rid of after over 20 years, had in fact abolished the Presidency for Life when he took over from Bourguiba, the hero of independence. Bourguiba had become President for Life, and then got increasingly incapable so he had to be deposed.

But though Ben Ali restored elections, he ensured that he was always re-elected, and himself grew increasingly out of touch with reality. And, unlike Bourguiba, who had affirmed valuable ideals at the time of independence – including a determination to release women from the restrictions traditions imposed on them, a litmus test I feel as to whether a society is progressing – Ben Ali seems to have been interested largely in benefits for himself and his family.

This did not mean that Tunisia did not develop. It has an excellent road system, and agricultural productivity is high, in the areas that can be cultivated. It also developed a thriving tourist industry, given the excellent amenities on its extensive coastline, and the fact that it is a relatively small country with easy access to the main tourist areas. Sadly, as is generally the case with the type of package tourists such countries attract, there was not so much concern with the fantastic range of historical buildings the country possesses, but these too were readily accessible to keen visitors.

Read the rest of this entry »

Rajiva Wijesinha

September 2019
M T W T F S S
« Dec    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Advertisements
%d bloggers like this: