You are currently browsing the tag archive for the ‘කොටි හිතවාදීන්’ tag.

මගේqrcode.26393772 අවධානය යොමුව තිබෙනවා ඔබ පුවත්පතෙහි අද දින “අල් ජශීරා වැඩසටහන: විජේසිංහයන් වැනි මීතුරන් සමග ජනපතිට සතුරන් අවැසි නොවීය” මැයෙන් පලවූ ප්‍රවෘත්ති විශේෂාංගය කෙරෙහි.

රචකයා නිසැකවම ව්‍යාකූල සහගත තත්වයට පත්ව තිබෙනවා. මා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනපතිට සහයෝගය නොදීම පිලිබදව, ඔහු ස්ථිරව ප්‍රකාශ කරන්නේ “විජේසිංහ ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය සුරේන්ද්‍රන් වැනි දෙමළ කොටි හිතවාදීන්ට වඩාත් අනුකුල විය යුතුය” යනුවෙනි. ඔහු තවදුරටත් අවධරණය කරන්නේ මට ජනපතිගේ පරාජය අවශ්‍යයි   කියා, “එතුලින් ජාත්‍යන්තර යුධ අධිකරණය ඉදිරියට ඔහුව ගෙන ය හැකිය” යන මතයේ පිහිටා සිට.

මෙය සම්පුර්ණයෙන්ම අර්ථ ශුන්‍ය වන අතර මම මෙම වැඩ සටහනේදී සුරේන්ද්‍රන් සමග ඇතිවූ විවාදය මුළුමනින්ම නොසලකා හැරීමක්. තවදුරටත් රචකයා පැහැදිලිවම නොසලකා හැර තිබෙනවා නිවේදිකාවට මා අභියෝගයට ලක් කිරීමට හේතු වූ අපේ ත්‍රිවිධ හමුදාව යුද්ධයේදී සටන් කල ආකාරය පිළිබද මගේ කරුණු දැක්වීම.

අපේ හමුදාවන් ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර විනිශ්‍යතල වලදී මා අතිශය ක්‍රියාකාරිව හා ඵලදායීව කරුණු දැක්වුවන්ගෙන් එක අයෙක් බව ඉතා ප්‍රකට කරුණක් සහ ඉතාමත් කණගාටුවට කරුණ වන්නේ මා වැනි අයගේ සේවා හමුදාවන්ට අහිමි වී ඇති බව – ඉතා මෑතකදී අපේ රට ආරක්ෂා කිරීමට ඉතා දක්‍ෂලෙස CNN සේවයේ පැවතී සම්මුක සාකච්චවකදී කළ කරුණු දැක්වීමෙන් පසුව, ක්‍රිස් නෝනිස් මහතාව අපේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ගේ උදහසට ලක්විම යන කරුණු පිළිබඳ රචකයා විසින් නොසලකා හළ ඇති බවයි.

ඉමහත් සංවේගයට හේතුවන කරුණක් වන්නේ Daily News පුවත්පත, ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරින් විසින් සැකසහිත LTTE හිතවාදීන් සමග ගනුදෙනු පිළිබද අවධානය යොමුකර සකස් කරන ලද විගණන විමසුම සම්පුර්ණයෙන්ම නොසලකා හැර, දෙමළ කොටි හිතවාදීන් කෙරෙහි නැඹුරු විදේශ ප්‍රතිපත්තියක් මා හට අවශ්‍යව ඇතැයි ප්‍රකාශ කිරීමයි.

ඉතා අවාසනාවන්ත ලෙස මෙම රචකයා මෙන්ම ජනපති නොමග යවමින් සිටින බොහෝ අය අපේක්ෂා කරන්නේඅතීතය පිලිබදවම කතා කිරීම තුලින් මේ ජනාධිපතිවරණයත් ජය ගන්නටයි. එය සමහර විට යෝග්‍ය වේවි, ජනාධිපතිවරයෙකු වශයෙන් මැතිවරණ ජයගැනීමම හුදු අභිමතාර්තය නම්. එනමුත් ඉන් ඔබ්බට යමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අරමුණ විය යුත්තේ රට පාලනය කල හැකි සහ අපව සතුරන්ගෙන් ආරක්ෂා කල හැකි ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමයි. එය වර්තමාන රාජ්‍ය තන්ත්‍රය හුදෙක් අසාර්ථකත්වයට පත් වූ කාර්යයක් බවට පත්ව තිබෙනවා. Read the rest of this entry »

Rajiva Wijesinha

November 2019
M T W T F S S
« Dec    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
%d bloggers like this: