මගේqrcode.26393772 අවධානය යොමුව තිබෙනවා ඔබ පුවත්පතෙහි අද දින “අල් ජශීරා වැඩසටහන: විජේසිංහයන් වැනි මීතුරන් සමග ජනපතිට සතුරන් අවැසි නොවීය” මැයෙන් පලවූ ප්‍රවෘත්ති විශේෂාංගය කෙරෙහි.

රචකයා නිසැකවම ව්‍යාකූල සහගත තත්වයට පත්ව තිබෙනවා. මා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනපතිට සහයෝගය නොදීම පිලිබදව, ඔහු ස්ථිරව ප්‍රකාශ කරන්නේ “විජේසිංහ ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය සුරේන්ද්‍රන් වැනි දෙමළ කොටි හිතවාදීන්ට වඩාත් අනුකුල විය යුතුය” යනුවෙනි. ඔහු තවදුරටත් අවධරණය කරන්නේ මට ජනපතිගේ පරාජය අවශ්‍යයි   කියා, “එතුලින් ජාත්‍යන්තර යුධ අධිකරණය ඉදිරියට ඔහුව ගෙන ය හැකිය” යන මතයේ පිහිටා සිට.

මෙය සම්පුර්ණයෙන්ම අර්ථ ශුන්‍ය වන අතර මම මෙම වැඩ සටහනේදී සුරේන්ද්‍රන් සමග ඇතිවූ විවාදය මුළුමනින්ම නොසලකා හැරීමක්. තවදුරටත් රචකයා පැහැදිලිවම නොසලකා හැර තිබෙනවා නිවේදිකාවට මා අභියෝගයට ලක් කිරීමට හේතු වූ අපේ ත්‍රිවිධ හමුදාව යුද්ධයේදී සටන් කල ආකාරය පිළිබද මගේ කරුණු දැක්වීම.

අපේ හමුදාවන් ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර විනිශ්‍යතල වලදී මා අතිශය ක්‍රියාකාරිව හා ඵලදායීව කරුණු දැක්වුවන්ගෙන් එක අයෙක් බව ඉතා ප්‍රකට කරුණක් සහ ඉතාමත් කණගාටුවට කරුණ වන්නේ මා වැනි අයගේ සේවා හමුදාවන්ට අහිමි වී ඇති බව – ඉතා මෑතකදී අපේ රට ආරක්ෂා කිරීමට ඉතා දක්‍ෂලෙස CNN සේවයේ පැවතී සම්මුක සාකච්චවකදී කළ කරුණු දැක්වීමෙන් පසුව, ක්‍රිස් නෝනිස් මහතාව අපේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ගේ උදහසට ලක්විම යන කරුණු පිළිබඳ රචකයා විසින් නොසලකා හළ ඇති බවයි.

ඉමහත් සංවේගයට හේතුවන කරුණක් වන්නේ Daily News පුවත්පත, ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරින් විසින් සැකසහිත LTTE හිතවාදීන් සමග ගනුදෙනු පිළිබද අවධානය යොමුකර සකස් කරන ලද විගණන විමසුම සම්පුර්ණයෙන්ම නොසලකා හැර, දෙමළ කොටි හිතවාදීන් කෙරෙහි නැඹුරු විදේශ ප්‍රතිපත්තියක් මා හට අවශ්‍යව ඇතැයි ප්‍රකාශ කිරීමයි.

ඉතා අවාසනාවන්ත ලෙස මෙම රචකයා මෙන්ම ජනපති නොමග යවමින් සිටින බොහෝ අය අපේක්ෂා කරන්නේඅතීතය පිලිබදවම කතා කිරීම තුලින් මේ ජනාධිපතිවරණයත් ජය ගන්නටයි. එය සමහර විට යෝග්‍ය වේවි, ජනාධිපතිවරයෙකු වශයෙන් මැතිවරණ ජයගැනීමම හුදු අභිමතාර්තය නම්. එනමුත් ඉන් ඔබ්බට යමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අරමුණ විය යුත්තේ රට පාලනය කල හැකි සහ අපව සතුරන්ගෙන් ආරක්ෂා කල හැකි ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමයි. එය වර්තමාන රාජ්‍ය තන්ත්‍රය හුදෙක් අසාර්ථකත්වයට පත් වූ කාර්යයක් බවට පත්ව තිබෙනවා.

ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වනු ඇතැයි වරදවා උපකල්පනය කරමින් අන් අයගේද බලපෑම මත ජනාධිපතිවරයා අති විශාල ලෙස මහජන මුදල් වැයකර තිබෙනවා ඔහුට පහර ගැසීමට දේවල් (ක්‍රමෝපායන්) සකස් කිරීම සදහා. මේ නිසා දැන් ඔහුට අවශ්‍ය වෙනවා නැවතත් මැතිවරණ වාදයන් අතීතයට ගෙන යන්නට. එමගින් ඔවුන් දැනටමත් සකස් කර ඇති දෑ ප්‍රයෝජනට ගත හැකි නිසා. මෙම ජනාධිපතිවරණය වර්තමානය සහ අනාගතය පිලිබදව බව හරිහැටි තේරුම් ගන්නට ඔවුන් තවමත් අපොහසත්ව සිටිනවා. එමෙන්ම නැවත වරක් රටට ලැබී තිබෙනවා සමාජ විප්ලවයක් ඇති කළ හැකි සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙක්. ජනාධිපතිවරයා වටා සිටින අය වගේම, සුරෙන්ද්‍රනුත් ජීවත්වන්නේ අතීතයේයි. ඒ නිසයි මා ඔහුට දෝෂාරෝපණය කලේ. කොටි පරාජය ඉවසා දරා ගන්නට ඔහුට තවමත් නොහැකි වී තිබෙනවා. එය හරියට දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සකස් කරන්නන් වගේ. ඔවුන් තේරුම් ගන්නේ නැහැ ඔවුන් ක්‍රියාකල යුත්තේ රටේ ප්‍රතිසංධානය සහ ඒකීයභාවය පිණිස මිස අංශයන් වෙන් කර ගැනීම සදහා නොවන බව.

මම සතුටුයි කියන්නට මම දන්නවා රටේ බුද්ධිමත් හමුදා නිලධාරීන් මා සමග එකඟයි කියා. මෑතකදී බොහෝ දෙමළ කණ්ඩායම් තහනම් කිරීම පිළිබද තීරණයට මා විවේචනාත්මකවීම පිළිබද ආරක්ෂක බුද්ධි අංශයේ ප්‍රධානියා මගෙන් හේතු පැහැදිලි කිරීමක් බලාපොරොතු වුනා. මොකද මගේ විවේචනය ඔහුව කලකිරීමකට පත් කර තිබුන නිසා. හේතුව මා හමුදාවන්ගේ එතරම්ම ස්ථිර ආරක්ෂකයෙකුව සිටි නිසායි. මම සදහන් කල යුතුයි මහාචාර්ය රොහාන් ගුණරත්න රැස්වීමක් කැදවමින් ප්‍රකාශ කලා “ඔහු ඔබව ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍රවු මහගු නායකයෙක් ලෙස සලකනවා” යනුවෙන්. බුද්ධි අංශයේ ප්‍රධානියා මට සදහන් කල විට විදේශයන්හි සිටින ජනතාව තවමත් කොටි න්‍යායපත්‍රය ලුහුබඳින බව සහ එය දෙමළ ඩයස්පෝරාවේන් 7% පමණ වන බව, මා ප්‍රකාශ කලා ඔහු මගේ අදහස සනාථ කර තිබෙන බව. එනම් 90% කට වඩා වන ත්‍රස්‌තවාදය පිටුදැකී ප්‍රතිසංධානය සහ සාමය විශ්වාස කළ ජනතාවට කිසිම දෙයක් කර නොතිබීම පිළිබද මා අපේක්ෂා භංගත්වයට පත්ව සිටි නිසා.

ඉතා බුද්ධිමත් විචාරාත්මක ප්‍රශ්න කිරීමකින් පසුව ඔහු තේරුම් ගත්තා ඉදිරියට යාමට අපොහසත් වීමට හේතුව විදේශ අමාත්‍යාංශය බව. උගත් පාඩම් සහ ප්‍රතිසංධානය පිළිබද කොමිසම, එනම් කැබීනට් මණ්ඩලය විසින් එය පිලිබදව අනුමත කරන ලද ක්‍රියා සැලසුම තුලින් දෙමළ ඩයස්පෝරාව ජයග්‍රහණය කිරීම සදහා ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අවධාරණය කර තිබූ නමුත් මේ සදහා කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන තිබුනේ නැහැ.

මම ඔහුට කිවුවා ඔහුට ඔහුගේ ස්වාමියාට එනම් ආරක්ෂක ලේකම්වරයාට කල හැකි විශිෂ්ඨතම සේවය නම්, බාහිර කටයුතු අමාතංශයේ අසමත් බවට සහ අකර්මන්‍යතාවය පිටුදැකීමට කිසිවක් නොකළ හොත් ඔහුගේ අභීත හමුදාවන් පීඩාවට පත් වන බව ආරක්ෂක ලේකම්වරයාට පෙන්වා දීම බව. මම සදහන් කල යුතුයි රාජපක්ෂ සොහොයුරන් තිදෙනා වසන්ත සේනානායක කිසිවකුට ආධාර නොකිරීම සදහා පොළඹවා ගැනීමට උත්සාහ ගනිමින් සිටින විට බැසිල් රාජපක්ෂ පැමිණිලි කලා ඔහු බාහිර කටයුතු ඇමතිවරයා පිළිබද විවේචනාත්මකව සිටි බව, වසන්තගේ නියත ප්‍රකාශයට එනම් අමාත්‍යංශය අවුල් සහගත වූ බවට ජනාධිපතිවරයා එකඟ වීම පිළිබඳව.

නමුත් මම සැක කරනවා බුද්ධි අංශ ප්‍රධානියා ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දිය හැකි තත්වයක නොසිටි හෙයින් කබලෙන් ලිපට වැටීමක් සිදුව ඇති බවට. මීට සති කිහිපයකට පෙර මා බුද්ධි අංශ ප්‍රධානියාට ලිඛිතව දැනුම් දුන්නා “මම එකග වනවා ඔබ ත්‍රස්තවාදීන් සමග කටයුතු කිරීමේදී දැඩි වීම අවශ්‍ය බව, නමුත් ඉතිහාසය අපට උගන්වනවා මෙය සාර්ථක වන්නේ ඔබ සතුව සම්පුර්ණ සමාජයේම සමඟියට හේතු වන ප්‍රතිපත්තියක් තිබීමෙන්ම පමණක්ම බව, විශේෂයෙන්ම මගේ හැඟීම් නම්, උගත් පාඩම් සහ ප්‍රතිසංධානය පිළිබද කොමිසම යෝජනා කර තිබූ පරිදි ඩයස්පෝරවේ මධ්‍යම මුලිකාංග ජය ගැනීම සදහා යෝග්‍ය සංවේදී උපක්‍රමයක් නොතිබුන හොත් ඔබේ කර්තව්‍යය අසාර්ථක වන්නට හේතු වේවි. තහනම පිළිබද ඔස්ත්‍රේලියා රජයේ ප්‍රතිචාරය පෙන්වා දෙනවා අප විමර්ශනාත්මක බුද්ධියෙන් ක්‍රියා නොකළහොත් අපට අනාගතයේදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්න පිලිබදව” යනුවෙන්.

මන්දගාමි සහ ඝෝෂාකාරී බාහිර කටයුතු අමාත්‍යාංශය මෙන් නොව මගේ මතය වෙනස් වී නැති බව කිව යුතුයි. 2009 වර්ෂයේදී විදේශ කාර්යාලය අපට බල කළ විට ද්‍රවිඩ අයට කතා කරන ලෙස එය ඇත්ත වශයෙන්ම ප්‍රමුඛතාවයක් බව මා ප්‍රකාශ කලා. නමුත් ඔවුන් මට කියූ විට TGTE සමග සාකච්ඡා කරන ලෙස මා ඍජුවම ප්‍රකාශ කලා එය බොහොසෙයින්ම නොපිළිගත හැකි බව. අපේ බැඳියාවන් ඇත්තේ අපේ රටේ ද්‍රවිඩ පුරවැසියන්ට මිස කොහෙත්ම සමාවක් දිය නොහැකි ලෙස ත්‍රස්තවාදින්ට ගැති වූ ඔවුන්ගේ අයට නොවෙයි.

Daily News පුවත් පතත් සුරෙන්ද්‍රන්ගේ අච්චුව අනුගමනය කල යුතු බවට හා අදහස් කන පිට පෙරලීමට උත්සහ කළ බවට මතයක් තිබෙනවා. නමුත් ඔබ මෙය කරමින් ඉන්නේ ත්‍රස්‌තවාදී න්‍යාය පත්‍රයන් සදහා නොව අවංකවම බවට මට කිසිම සැකයක් නැහැ. හමුදාවන් දන්නවා ඔවුන්ගේ ක්‍රියාකාරී සහ ස්ථාවර ආරක්ෂකයින් කව්ද කියා. ඒ නිසා මට නිසැකයි ඔවුන් පසු තැවිලි වෙනවා අතීතයේදී රට ආරක්ෂා කිරීමට ක්‍රියාකාරී වූවන්ගෙන් ජනාධිපතිවරයාව වෙන් කිරීමට තැත්කරන්නන්ගේ මෙම උගුලට ඔබ අසුව ඇති ආකාරය පිලිබදව. මායාරෝගීමය (හිස්ටීරියාවෙන් පෙළෙන්නන්ගේ) චෝදනා බුද්ධිමත් වාදයන්ට ආදේශනයන් වන්නේ නැහැ වගේම ශ්‍රී ලංකේය ජනතාව දන්නවා ඉතා අභිතව යුද්ධයේදී සටන් කළ ජෙනරාල්වරයන් අද වන විට දඩයම් වීමේ අන්තරායකර තත්වයකට පත්ව සිටින්නේ ප්‍රඥාවන්තව ඔවුන් ආරක්ෂා කළ යුතු අයගේ අසමත්භාවය නිසා බව.

 

මෙයට අවංක,

මහාචාර්ය රජිව වීජේසිංහ

Advertisements