qrcode.26350621 (1)විධායක ජනාධිපති සතු බලය අසීමාන්තික බව බොහොසෙයින්ම පිළිගත් කරුණක්. එහෙයින් පොදු අපේක්ෂකයා සඳහා වර්තමානයේ සහයෝගය දෙන්නන් ප්‍රතිඥා දෙනවා මෙම බලය ඌනනය කිරීමට. කෙසේනමුත් මෙම බලය ඌනනය කිරීමේ ක්‍රියාවලියේදී, ඔවුන් මූලික දේශපාලන ප්‍රතිපත්ති පිලිබඳ අවධානය යොමුකළ යුතුයි, එනම් විශේෂයෙන්ම බල වියෝජනය නම් භාෂිතය කෙරෙහි.

මෙය සම්බන්ධ වෙනවා රජයේ අනෙකුත් ආයතනවල බලයන් ගොඩනැගීම පිළිබඳව. එතුලින් විධායකය පාලනයකට යටත්කළ හැකියි. එවැනි ආයතන නම්, රජයේ ව්‍යවස්ථාදායක බලය නියෝජනය කරන පාර්ලිමේන්තුව හා අධිකරණ බලය ක්‍රියාවට නංවන අධිකරණයි. මීට අමතරව අපට අවශ්‍ය වනවා ජනමාධ්‍ය වගේම ජනතා සේවය ශක්තිමත් කිරීමට. මෙය විධායකයේ කාර්යභාරය සඳහා ක්‍රියා කරනවා නමුත්  එය ක්‍රියාකළ යුත්තේ ප්‍රතිපත්තිය මතයි එනම්  උත්තරීතර  ව්‍යවස්ථාවලිය සහ නිතිය අනුව  මිස එක් කාලසිමවකදී බලය ක්‍රියාවට නංවන තනි පුද්ගලයන්ගේ උපදෙස් අනුව නොවෙයි.

ඉතා හොදින් තෙරුම්ගතයුතු කරුණක් නම්, පොදු අපේක්ෂකයා සඳහා කරන මෙම සියලු කටයුතු නැවත වෙස්මිනිස්ට්ටර් ක්‍රමය සඳහා අනුගත වීමට ප්‍රමාණවත් නොවන බවයි. මේ සියල්ලට පසු අපි දන්නවා 1970 සහ 1977 බලයට පත්වූ රජයන් දෙකම වෙස්මිනිස්ට්ටර් ක්‍රමය යටතේ සිමා ඉක්මවීම් සඳහා යොමුවු බව. එකල තිබු ප්‍රශ්නය නම්, පාර්ලිමේන්තුව උත්තරීතරය යන මතයයි. එමෙන්ම විධායකය විසින් පාර්ලිමේන්තුව පාලනයට නතු කර තිබීමයි.

විධායකය ව්‍යවස්ථාදායකයේ පාලනයට නතුබව සුරක්ෂිතකිරීම සඳහා කඩිනමින් වැඩපිළිවෙල 5ක් ක්‍රියාත්මක කලයුතුයි.

  1. පැහැදිලිව තේරුම්ගත හැකි පළමුවැන්න නම්, තනතුරුවලට පත්කිරීම් සිදුකිරීම සඳහා ජනපතිවරයා සතු අත්තනෝමතික බලය සිමා කිරීමයි. මේ පිලිබඳ උපදෙස් දීම සඳහා මණ්ඩලයක් තිබිය යුතුයි. තවද, මෑත කාලින අත්දැකිම් පෙන්වා දි තිබෙනවා මහජනයාට ද  එම කමිටුවේ තීරණ පිලිබඳ පැහැදිළි හේතුසාධක  ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන පරිදි එහි විධිවිධාන සකස් විය යුතු බව. එය තෝරාගත් සාමාජිකයින්ගෙන් එනම්, විධායකයට අයත් නොවන පාර්ශවයන්ගෙන් සමන්විත නම්, එයට නිශේධ බලයද තිබිය යුතුයි.
  1. කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණයන් සඳහාද සීමාවන් තිබිය යුතුයි. (මම යෝජනා කරනවා උපරිමය 25ක් වියයුතු බවට එනමුත් ඊලග මැතිවරණය තෙක් මෙම ප්‍රමාණය තවත් 10ක් දක්වා ඉහල නැංවූවද ගැටලුවක් නැත). මෙය අතවශ්‍යයි මන්ද එය පුර්වලක්ෂණය කරාවී සරල උපක්‍රමයක් වන, වඩ වඩා පිරිස් විධායක අංශයට එකතුකරගනිමින් විධායකයේ ප්‍රධානියා ව්‍යවස්ථාදායකය පාලනය කිරිම.
  1. නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය යුතු අතර අධිකරණ අමාත්‍යවරයා ඡන්ද පිලිබඳ වූ දේශපාලනයට මැදිහත් නොවිය යුතුයි යන විශේෂ නියමය සහිතවද විය යුතුයි. අතීතයේදී ඔහු පත් වූයේ උත්තරීතර මන්ත්‍රණ සභාව තුලින් වුවද වර්තමානයේදී ජාතික ලැයිස්තුවෙන් එන සාමාජිකයකු වීම ද යෝග්‍යයි. කෙසේනමුත්, ශ්‍රේෂ්ථාධිකරණය අධිකරණ අමාත්‍යංශය යටතේ නොතිබිය යුතුයි.
  1. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කළ යුත්තේ කැබිනට් මණ්ඩලය විසින් හෝ ජනාධිපතිවරයා විසින් හෝ නොව රාජ්‍ය සේවා කොමිසම විසිනි.
  1. පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණයන් විධායකයේ අභිමතයට අනුකුලව නොව  නිශ්චිත කාල වකවානු තුල පැවැත්විය යුතුය.

පාර්ලිමේන්තුවේ ශක්තිමත්භාවය සුරක්ෂිත කිරීම සඳහා ද තවත් නිර්දේශ 5ක් යෝජනා කරනවා. මින් අදහස් කරන්නේ විධායකයේ සාමාජිකයින් නොවන පාර්ශවයන්ගේ බලය සහ පරමාධිකාරය ශක්තිමත් කිරීමයි.

1.  පළමුව, මූල්‍ය විමර්ශන කමිටුවල (මහජන/රාජ්‍ය ගිණුම් කමිටුව  සහ රාජ්‍ය ව්‍යවසාය කමිටුව) සභාපති ධුරයන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්‌ට ලබා දිය යුතුය. මෙකී කමිටුවල වාර්තාවන් සම්බන්ධයෙන් විධායකය ලිඛිතව ප්‍රතිචාර දැක්වීමත් ඔවුන්ගේ නිර්දේශයන් පිළිපදිනු නොලබන්නේ නම්, ඒ සඳහා හේතු ඉදිරිපත් කිරීමත් අවශ්‍යය.

2.  උපදේශන කමිටු 25කට නොවැඩි විය යුතුය.මෙය පවත්නා අමාත්‍යාංශ සංඛ්‍යාවට සමාන විය යුතුය. නමුත් අන්තර් වාර කාලයකදී උපදේශ කමිටු සංඛ්‍යාව වැඩි නම්, ඒ ඒ විෂය පථයන් ඒකාබද්ධ කළ යුතුය. (එනම් අධ්‍යාපනය සම්බන්ධ සියලු කරුණු එකට, ඉඩම් සහ කෘෂිකර්මාන්ත සහ වාරිමාර්ග යනාදිය එකට ආදී වශයෙන්) සෑම කමිටුවකටම සීමිත සාමාජිකයින් සංඛ්‍යාවක් පමණක් සිටිය යුතුය. එම සංඛ්‍යාව 10ක් වශයෙන් සැළකිය හැකිය. එමෙන්ම කිසිදු සාමාජිකයකු කමිටු දෙකකට වැඩිය ඇතුළත් නොවිය යුතුය. මෙකී කමිටුවල සිදුවන කටයුතු වාර්තාගත කළයුතු අතර එම කමිටු වාර්තා මහජනයාට ප්‍රසිද්ධ කළ යුතුය. ඇමතිවරුන් කමිටුවේ සභාපති ධුරයට පත් නොවිය යුතු නමුත් ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔවුන් ඊට සහභාගී විය යුතුය.  ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ ජේෂ්ඨ නිලධාරීන් පමණක් මෙම කමිටුවලට සහභාගී විය යුතුය.

එවැනි උපදේශන කමිටු සාමාන්‍ය ප්‍රතිපත්තිමය කරුණු, මූල්‍ය හා ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ස්‌ථාවර නියෝගයන්හි නියමකර ඇති ආකාරයට අනුව ක්‍රියාකල යුතුයි. තනිපුද්ගලයන්ට අදාළ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් මුණගැසීමට සාමාජිකයන්ට අවකාශ තිබිය යුතුයි.

3.  පෙත්සම් සහ ඉහල තනතුරු කමිටුවෙහි සභාපතිත්වය ඉසිලිය යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වන අතර ඔවුන්ගේ කමිටු වර්තා මහජනයාට ප්‍රසිද්ධ කල යුතුය.

4.  සියලුම ප්‍රශ්නවලට මසක් ඇතුළත පිළිතුරු ලබාදිය යුතු අතර ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට සභාවේ නොසිටින ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් ලිඛිතව එහි සභාපතිවරයාට වගඋත්තර බැඳිය යුතුය.

5.  ස්‌ථාවර නියෝගයන්, පුද්ගලික සාමාජිකයන්ගේ පනත් කෙටුම්පත් සඳහා අනුග්‍රහය ලබාදිය යුතුය. එමෙන්ම, පාර්ලිමේන්තුව තුල මුලපිරීම් සහ කල්දැමිම් මෝසම් නිර්ණය කිරීමට විධායකයේ මැදිහතවීමක් නොමැති ව්‍යාපාර කමිටුවක් තිබිය යුතුය.

Advertisements